Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 6:1 - Sinhala New Revised Version

1 එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 6:1
19 හුවමාරු යොමු  

කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,


මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙත ය, දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය.


දෙවියන් වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසී ගබඩාකාරයන් මෙන්, එකිනෙකා ලබා ඇති කුශලතා එකිනෙකාට සේවය කරන පිණිස යොදන්න.


දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ප්‍රභ නොකරමි. මන්ද, ව්‍යවස්ථාව මඟින් දමිටු බව ඇතිකර ගත හැකි නම් ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ තේරුමක් නැත.


එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද?


සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.


ඔබට ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියේ ද? එසේ නොවිය හැකි ය.


එහෙයින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ වරමින් එඩිතර ව කතා කරමින් බොහෝ කලක් එහි නැවතී සිටියහ. උන් වහන්සේ ඔවුන් ලවා අරුමපුදුම දේ ද ලකුණු ද කරවමින් සිය වරප්‍රසාදය පිළිබඳ ධර්මයට සාක්ෂි දැරූ සේක.


සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත.


“අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය.


ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.


‘අපි ප්‍රඥාවන්තයෝ ය; සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේ ය’යි නුඹලා කියන්නේ කොහොම ද? බලන්න, වංක විනයධරයන් ව්‍යවස්ථාව බොරු කර ඇත.


එවිට සෙනඟ සාවුල්ට කතා කොට, “ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.


ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.


මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි.


එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්