ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
2 සාමුවෙල් 3:34 - Sinhala New Revised Version ඔබේ පාදවල විලංගු නොදමන ලද්දේ ය. දුෂ්ටයන් අතින් මිනිසෙකු මැරුම් කන සේ ඔබ මැරුම් කෑවෙහි ය.” මුළු සෙනඟ යළිත් ඔහු ගැන හඬා වැලපුණෝ ය. Sinhala New Revised Version 2018 ඔබේ පාදවල විලංගු නොදමන ලද්දේ ය. දුෂ්ටයන් අතින් මිනිසෙකු මැරුම් කන සේ ඔබ මැරුම් කෑවෙහි ය.” මුළු සෙනඟ යළිත් ඔහු ගැන හඬා වැලපුණෝ ය. Sinhala Revised Old Version නුඹේ අත් නොබඳිනලද්දේය, නුඹේ පාදවල විලංගු නොදමනලද්දේය. දුෂ්ටයන් ඉදිරිපිට මනුෂ්‍යයෙක් වැටෙන්නාක්මෙන් නුඹ වැටුණෙහියයි කීවේය. නැවතද මුළු සෙනඟ ඔහු ගැන ඇඬුවෝය. |
ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නොබඳින ලද්දේ ය;
එය දවල් කාලය වූ බැවින් දාවිත්ට කෑම කන්නට පෙරැත්ත කරන පිණිස මුළු සෙනඟ ආහ. එහෙත් දාවිත්, “මා රොටි වත්, වෙන කිසි දෙයක් වත් ඉර බැස යන තෙක් කටට ගත්තොත්, දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”යි කියමින් දිවුළේ ය.
මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
පූජක පිරිස වූකලී, මිනිසෙකුට පහර දීමට සැඟවී සිටින සොර මුළක් හා සමාන ය. ෂෙකෙම්ට යන මාර්ගයෙහි ම වුව ද ඔව්හු මිනී මරති. ඔවුන්ගේ ක්‍රියා ඉතා සාහසික ය.
එහෙත්, පිලිස්තිවරු ඔහු අල්ලාගෙන, ඔහුගේ ඇස් උගුලාදමා, ගාසා නගරයට ගෙන ගොස්, ලෝකඩ දම්වැල්වලින් ඔහු බැන්දෝ ය.