Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 3:33 - Sinhala New Revised Version

33 රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නො‍බඳින ලද්දේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නො‍බඳින ලද්දේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 රජ්ජුරුවෝ අබ්නේර් ගැන විලාප ගීයක් කියමින්: මෝඩයෙක් මැරෙන්නාක් මෙන් අබ්නේර් මැරෙන්ට යුතුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:33
10 හුවමාරු යොමු  

ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.


සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් ගැන මේ විලාප ගීය ගයමින් දාවිත් වැලපිණි.


වංචාවෙන් මුදල් උපයන මිනිසා, ඈ නොදැමූ බිජු රකින කපුටියක වැනි ය; පසු ව පැටවුන් ඇගෙන් ඉගිලී යන ලෙස ජීවිතයේ ඉර මුදුන් වේලේ ඒ සම්පත ඔහුගෙන් නැති වී යයි. මෙසේ ඔහු අන්තිමයේ දී මෝඩයෙකු බවට පත් වෙයි.


අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ; ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ.


ඔබේ පාදවල විලංගු නො‍දමන ලද්දේ ය. දුෂ්ටයන් අතින් මිනිසෙකු මැරුම් කන සේ ඔබ මැරුම් කෑවෙහි ය.” මුළු සෙනඟ යළිත් ඔහු ගැන හඬා වැලපුණෝ ය.


මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්