Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 32:16 - Sinhala New Revised Version

16 මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මිනිසුන් විසින් කියන්නාවූ විලාපය මේය; ජාතීන්ගේ දූවරුන් එයින් විලාප කියනවා ඇත. මිසරය ගැනත් එහි මුළු සමූහයා ගැනත් ඔවුන් එයින් විලාප කියනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 32:16
7 හුවමාරු යොමු  

“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය.


ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය.


ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.


සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් ගැන මේ විලාප ගීය ගයමින් දාවිත් වැලපිණි.


“නුඹලා කල්පනා කොට අවමඟුල් ගී ගයන්න දක්ෂ, විලාප කියන ස්ත්‍රීන්ට එන්න කියා යවන්නැ”යි සියලු බලැති දෙවියන් වහන්සේ වදාරන සේක.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්