2 සාමුවෙල් 14:2 - Sinhala New Revised Version එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී, Sinhala New Revised Version 2018 එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී, Sinhala Revised Old Version එවිට යෝවාබ් තෙකෝවායෙන් නුවණක්කාර ස්ත්‍රියෙක් ගෙන්වාගන ඈට කථාකොට: නුඹ වැලපෙන්නාක්මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මැරුණ කෙනෙකු ගැන බොහෝ කල් වැලපුණු ස්ත්‍රියෙක් මෙන් වී, |
එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය.
එවිට නැණවත් ස්ත්‍රියක් නගරයේ සිට මොරගසා, “මෙන්න, සවන් දෙන්න, සවන් දෙන්න; මා ජෝවාබ් සමඟ කතා කරන පිණිස, ඔහුට මෙහි එන්නට කියා කිව මැනව”යි කීවා ය.
ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි.
එහෙත්, සමිඳාණන් වහන්සේ අහියාට කතා කොට, “බලන්න, ජෙරොබෝවම්ගේ බිරිඳ රෝගාතුර වී සිටින ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්න එන්නී ය. ඈට මේ අයුරින් කතා කරන්න. ඇය එන විට අන් තැනැත්තියක මෙන් පෙන්වනු ඇතැ”යි වදාළ සේක.
ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.
පෙදායාට පසු ව තෙකෝවරු පිටතින් තිබෙන ලොකු කොත ඉදිරිපිට ද ඕපෙල්හි පවුර දක්වා ද තව කොටසක් අලුත්වැඩියා කළෝ ය.
ඔහුට පසු ව තෙකෝවරු එය අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. එහෙත්, ඔවුන්ගේ නායකයෝ තමන්ගේ ස්වාමීන්ගේ සේවයට කරගසන්නට කැමැති නුවූ හ.
තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
“බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත.
මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.
ඒ නිසා දැන් ඇඟපත සෝදාගෙන, සුවඳ විලවුන් ටිකක් ගල්වාගෙන, හොඳ ම ඇඳුම්වලින් සැරසී ඔහු සිටින කමතට යන්න. ඔහු කා බී ඉවර වන තෙක් ඔබ එහි සිටින බව ඔහුට දැනගන්නට ඉඩ නාරින්න.