Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:19 - Sinhala New Revised Version

19 පසුව ඈ නැඟිට, පිටත් ව ගොස්, සළුව ඉවත ලා, කනවැන්දුම් ස්ත්‍රියකගේ ඇඳුම් ලාගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පසුව ඈ නැඟිට, පිටත් ව ගොස්, සළුව ඉවත ලා, කනවැන්දුම් ස්ත්‍රියකගේ ඇඳුම් ලාගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඈ නැගිට පිටත්ව ගොස් මුහුණු වැස්ම අහක තබා ඇගේ කනවැන්දුම් වස්ත්‍ර හැඳගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:19
5 හුවමාරු යොමු  

ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.


රජු කතා කොට, “ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, “මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය.


එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නො‍ගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී,


එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය.


ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්