Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 20:16 - Sinhala New Revised Version

16 එවිට නැණවත් ස්ත්‍රියක් නගරයේ සිට මොරගසා, “මෙන්න, සවන් දෙන්න, සවන් දෙන්න; මා ජෝවාබ් සමඟ කතා කරන පිණිස, ඔහුට මෙහි එන්නට කියා කිව මැනව”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට නැණවත් ස්ත්‍රියක් නගරයේ සිට මොරගසා, “මෙන්න, සවන් දෙන්න, සවන් දෙන්න; මා ජෝවාබ් සමඟ කතා කරන පිණිස, ඔහුට මෙහි එන්නට කියා කිව මැනව”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එවිට ප්‍රඥාවන්ත ස්ත්‍රියෙක් නුවර සිට මොරගසා: මෙන්න අසන්න, අසන්න; මා යෝවාබ් සමඟ කථාකරන පිණිස මෙහි ළඟාවෙන්ට කියා ඔහුට කිවමැනවියි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 20:16
7 හුවමාරු යොමු  

එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නො‍ගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී,


ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රිය, “ඔබ ජෝවාබ් ද” කියා ඇසුවා ය. ඔහු ද, “එසේ ය”යි උත්තර දුන්නේ ය. එවිට ඈ, “ඔබේ මෙහෙකාරී කියන දේට සවන් දුන මැනව”යි ඔහුට කීවා ය. ඔහු ද, “මම සවන් දෙමි”යි කී ය.


එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්ඹේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.


බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත් ව ගිය අරියොක් නම් රජුගේ වධකයාගේ ප්‍රධානියාට දානියෙල් ස්ථානෝචිත සිහි නුවණින් කතා කර,


ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්