ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන යාග පූජා මුදල් ද,
2 රාජාවලිය 22:4 - Sinhala New Revised Version “ඔබ නායක පූජකයා වන හිල්කියා වෙත ගොස්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් සෙනඟගෙන් එකතු කරගත් මුදල් භාර දෙන ලෙස ඔහුට දන්වන්න. Sinhala New Revised Version 2018 “ඔබ නායක පූජකයා වන හිල්කියා වෙත ගොස්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් සෙනඟගෙන් එකතු කරගත් මුදල් භාර දෙන ලෙස ඔහුට දන්වන්න. Sinhala Revised Old Version නුඹ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න. |
ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන යාග පූජා මුදල් ද,
පූජකයෝ තම තමන් සේවය කළ අයගෙන් ද අඳුනන්නවුන්ගෙන් ද ගනිත් වා, ඔව්හු ද මාලිගාවේ වුවමනා පරිදි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරත් වා”යි කී ය.
එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.
දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;
කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය.
තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පන්ති ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ පන්තිවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.
තවද, දොරටු රැකවල් කළා වූ අක්කුබ් ද ටල්මොන් ද ඔවුන්ගේ සහෝදරයන් වූ දොරටු පාලකයෝ ද එකසිය හැත්තෑදෙදෙනෙක් ය.
ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.