Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:11 - Sinhala New Revised Version

11 දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 දෙවියන්වහන්සේගේ ගෘහයට අධිපතියාවූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත්‍රවූ ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ හිල්කියාගේ පුත්‍රයා වන අසරියාද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:11
17 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද


දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් ප්‍රේරිතයන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් ප්‍රේරිතයන්ට කිසි හිරිහැරයක් නොකළහ.


දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ.


ඉම්මෙර්ගේ පුත් පෂ්හුර් නම් පූජකයෙක් දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා විය. දිවැසිවර ජෙරමියා ප්‍රකාශ කළ මේ දේ ඔහුට ඇසිණි.


සෙරායා ද අශරියා ද ජෙරමියා ද;


දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.


රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.


එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන පංතියේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.


සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරීගේ දරුපරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ය.”


ගේර්ෂොන්ගේ දරුපරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවා ය. තවද, පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ.”


ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය.


එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.


මල්කියාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද ඉම්මේර්ගේ පුත් මෙෂිල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන අදීයෙල්ගේ පුත් මයසයි ද;


අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


හෙසකියා රජුගේත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අශරියාගේත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදර වූ ෂිමෙයි යටතේ ජෙහීයෙල් ද අශශියා ද නහත් ද අසාහෙල් ද ජෙරීමොත් ද ජෝශාබාද් ද එලීයෙල් ද ඉස්මාකියා ද මහත් ද බෙනායා ද යන මොවුහු නිලධාරීන් ව සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්