Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 8:14 - Sinhala New Revised Version

14 තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පන්ති ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ පන්තිවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක කාණ්ඩ ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 8:14
33 හුවමාරු යොමු  

දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය.


දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩ ඇති ව, ඔහුගේ සහෝදරයන් වන ෂෙමායා ද අශරියෙල් ද මිලලයි ද ගිලලයි ද මායයි ද නෙතනේල් ද ජුදා ද හනානි ද ඔවුන්ට පෙරටුවෙන් සිටි නීතිවේදී එස්රා ද ගියෝ ය.


ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.


මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ පංතිවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය.


දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය.


උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක.


සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට,


ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය.


මෙසේ පූජාකිරීමේ පිළිවෙත සූදානම් කරන ලද්දේ ය. පූජකයෝ තමන්ගේ ස්ථානයේ ද ලෙවීවරු තමන්ගේ පංතිවල ප්‍රකාරයට ද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝ ය.


හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් පංතිවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංති නියම කෙළේ ය.


ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය.


එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.


“මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය.


දාවිත් දිගායු වළඳා මහලු වූ විට තමාගේ පුත් සලමොන් ඉශ්රයෙල්වරුන්ගේ රජ කොට පත් කෙළේ ය.


ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.


ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින්පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,


“සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:


ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද


ආරොන්ගේ පුත්‍රයන්ගේ පංති මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.


දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:


දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;


කොයි කාරණයක් ගැන වත්, අගනා වස්තු ගැන වත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නො වූ හ.


තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි.


ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ ලියවිල්ලේ ද ඔහුගේ පුත් සලමොන්ගේ ලියවිල්ලේ ද ප්‍රකාරයට ඔබේ පිය වංශවල හැටියට ඔබේ පංති ලෙස සූදානම් වී,


නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය.


දාවිත් එලෙයාසර් පුත්‍රයන්ගෙන් ශාදොක් ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහිමෙලෙක් ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් සංවිධානය කෙළේ ය.


යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය.


ආසාප්ගේ පුත්‍රයන් වූ ගායකයෝ ද දාවිත්ගේත්, ආසාප්ගේත්, හේමන්ගේත්, රජුගේ දිවැසිවරයා වන ජෙදුතුන්ගේත් ආඥාවේ ප්‍රකාරයට තම තමන්ගේ ස්ථානයෙහි සිටියෝ ය. දොරටු පාලකයෝ එක එක දොරටුවෙහි සිටියෝ ය. තමන්ගේ සේවයෙන් අහක් ව යන්න ඔවුන්ට ඕනෑ කෙළේ නැත. මන්ද, ඔවුන්ගේ සහෝදර වූ ලෙවීවරුන් ඔවුන් උදෙසා ඒවා පිළියෙළ කළ බැවිනි.


මත්තනියා ද බක්බුකියා ද ඔබදියා ද මෙෂුල්ලාම් ද ටල්මොන් ද අක්කුබ් ද දොරටු ගබඩාවල දොරටු පාලකයන් ව සිට රැකවල් කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්