මම ඔවුන්ට තරවටු කර, සාප කර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුලා, “ඔබේ දූවරු ඔවුන්ගේ පුත්‍රයන්ට පාවාදෙන්න වත් ඔබේ පුත්‍රයන් හෝ ඔබ ඔවුන්ගේ දූවරුන් පාවාගන්න වත් එපාය” කියා දෙවියන් වහන්සේ නමින් දිවුරන්නට සැලැසුවෙමි.
2 කොරින්ති 7:11 - Sinhala New Revised Version දේව කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරීමෙන් ඔබ තුළ ඇති වූ ප්‍රතිඵල ගැන සිතා බලන්න. එයින් කෙතරම් මහත් උනන්දුවක් හා නිදොස් කරගැනීමක් ඇති වී ද? ඒ හැර වරදට දඬුවම් දීම සඳහා ඇති වූ කෝපය, තැතිගැන්ම, සිත් වේදනාව හා උද්‍යෝගය කෙතරම් මහත් වී ද? මේ කරුණ පිළිබඳ ව ඔබ නිදොස් බව සියලු අයුරින් ඔප්පු කර ඇත. සිංහල කාලීන පරිවර්තනය මෙම දේව කැමැත්තට අනුකූල වූ ශෝකය ඔබ තුළ කෙතරම් උනන්දුවක් උපදවා ඇත්දැයි බලන්න. ඔබ නිදොස් කර ගැනීමේ කෙතරම් උනන්දුවක්, කෙතරම් හෙළා දැකීමක්, කෙතරම් බයක්, කෙතරම් දැඩි ආශාවක්, කෙතරම් උද්යෝගයක් හට ගැනුනා ද? කවර නම් දඬුවම් දීමක් ද! මේ කාරණයේදී හැම අංශයකින්ම ඔබේ නිදොස් වග ඔබම ඔප්පු කර තිබේ. Sinhala New Revised Version 2018 දේව කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරීමෙන් ඔබ තුළ ඇති වූ ප්‍රතිඵල ගැන සිතා බලන්න. එයින් කෙතරම් මහත් උනන්දුවක් හා නිදොස් කරගැනීමක් ඇති වී ද? ඒ හැර වරදට දඬුවම් දීම සඳහා ඇති වූ කෝපය, තැතිගැන්ම, සිත් වේදනාව හා උද්‍යෝගය කෙතරම් මහත් වී ද? මේ කරුණ පිළිබඳ ව ඔබ නිදොස් බව සියලු අයුරින් ඔප්පු කර ඇත. Sinhala Revised Old Version එසේය, මෙන්න, දේවකැමැත්තේ හැටියට ශෝකවීම යන කාරණයෙන් නුඹලා තුළ කොපමණ උනන්දුකමත් කොපමණ නිදොස්කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත් කොපමණ ආශාවත් කොපමණ ජ්වලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසත් හටගත්තා නොවේද! මේ කාරණය සම්බන්ධව නුඹලා නිදොස් බව නුඹලා සියලු ආකාරයෙන්ම ඔප්පුකළහුය. |
මම ඔවුන්ට තරවටු කර, සාප කර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුලා, “ඔබේ දූවරු ඔවුන්ගේ පුත්‍රයන්ට පාවාදෙන්න වත් ඔබේ පුත්‍රයන් හෝ ඔබ ඔවුන්ගේ දූවරුන් පාවාගන්න වත් එපාය” කියා දෙවියන් වහන්සේ නමින් දිවුරන්නට සැලැසුවෙමි.
පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.
තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි; උපවාසයේ සිටියෙමි; සිරස නමා යාදිනි පිදුවෙමි.
ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.
අපි ඔබ කැමැත්ත අනුව යමු; අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය. අපේ මුළු ආසාව ඔබේ නම පැසසුම ය.
මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.
රජතුමා මේ වචන ඇසූ විට, ඉමහත් සංවේගයට පත් වී, දානියෙල් ගළවාගන්නට ඉටාගෙන, ඉර බසින තුරු ඒ ගැන මොළය වෙහෙසා කල්පනා කෙළේ ය.
උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.
පාවුලු ඇතන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටිය දී, ඒ නුවර දේව රූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේ ය.
එය සැබෑ ම ය. ඒවා කපනු ලැබුවේ අවිශ්වාසය නිසා ය. එහෙත් ඔබ ස්ථීර ව සිටින්නේ විශ්වාසය නිසා ය. ඒ නිසා අහංකාර නොවී දේව ගරුබිය ඇති ව සිටින්න.
එලෙස ක්‍රිස්තුන් වහන්සේට සේවය කරන්නා දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදයත්, මිනිසුන්ගෙන් ප්‍රශංසා වත් දිනාගනී.
අපේ අධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කැපී පෙනේ නම්, අපි කුමක් කියමු ද? අපට දඬුවම් දෙන විට දෙවියන් වහන්සේ අසාධාරණ යයි ලෝක ව්‍යවහාරය අනුව කිය හැකි ද?
එසේ කෙළේ ශරීරයේ භේදයක් නොතිබෙන පිණිසත්, සෑම අවයවයක් ම අනෙක් අවයවයන් එකාකාර ව සලකන පිණිසත් ය.
සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේ ද? එසේ නම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.
එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකි ද? නැත, ඒ ගැන ඔබ දුක් විය යුතු ය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතු ය.
ඔබ කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන් වහන්සේට යාච්ඤා කරමු. එසේ කරන්නේ අප ජයග්‍රාහකයන් මෙන් පෙන්නුම් කරන පිණිස නොව, අප පරාජිතයන් මෙන් පෙනුනත් ඔබ යුතු දේ කරන පිණිස ය.
එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු.
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
ඔහුගේ පැමිණීමෙන් පමණක් නොව ඔබ අතර ඔහු ලැබූ ධෛර්යයෙන් ද අප ධෛර්යවත් කළ සේක. මා දැකීමට ඇති ඔබගේ මහත් ආශාව ද ඔබගේ කණගාටුව ද මට ඇති ඔබගේ පක්ෂපාතකම ද ගැන ඔහු අපට සැළ කළ විට මම වඩාත් ප්‍රීති වීමි.
ඒ ගැන මා කලින් කණගාටු වූ නමුත් දැන් මම ප්‍රීති වෙමි. එසේ වන්නේ ඔබට සිත් වේදනාවක් ඇති වූ නිසා නොව, ඔබගේ සිත් වේදනාව පසුතැවී සිත් හරවා ගැනීමකට තුඩු දුන් නිසා ය. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරූ නිසා, අපෙන් ඔබට කිසි විධියකින් හානියක් නො වී ය.
ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත.
සැබැවින් මාගේ ප්‍රේමවන්තයෙනි, මා ඔබ වෙත සිටිය දී, ඔබ කීකරු ව සිටියාක් මෙන් ම, දැන් මා ඔබෙන් ඈත් ව සිටින විටත්, ඊටත් වඩා කීකරු ව සිටිය යුතු ය. ඔබ බියෙන් හා වෙව්ලීමෙන් යුතු ව ඔබේ විමුක්තිය සලසාගන්න.
මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.
ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න.
මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණි අය, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණිස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නම් මම කැමැත්තෙමි. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය.
එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු.
එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.
තවද, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට ‘පියාණෝ ය’ කියා ඔබ යාච්ඤා කරන්නහු නම්, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න.
සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.
සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.