ජෙහෝයාදා මියගිය පසු ජුදාහි අධිපතීහු අවුත් රජුට ආචාර කළහ. එවිට රජ ඔවුන්ට සවන් දුන්නේ ය.
යෙහෝයාදා මැරුණු පසු යූදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන්දුන්නේය.
එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.
ඔහු ඉශ්රායෙල්හි ද දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ මාලිගාව උදෙසා ද යහපත කළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත් කරනු ලැබී ය.
ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය.
වාචාලයා රහස් එළිදරව් කරයි; දොඩමලු අයගෙන් ඈත් වන්න.
මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.
අනුවණයාට ගෞරවය දීම ගල පටියේ බැඳ විදීම මෙන් නිෂ්ඵල ය.
පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති.
අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.
“එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.
ගිවිසුමට ද්‍රෝ‍්හිවන්නන් ඔහු ඉච්ඡා බසින් දිනාගන්නේ ය. එහෙත්, තමන්ගේ දෙවියන් වහන්සේ හඳුනන අය ස්ථිර ව සිට ඔහුට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.
ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි.
මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද?
එබැවින් මාගේ ඇවෑමෙන් පසු ඔබට මේ දේවල් හැම කල්හි ම සිහි කරගැන්මට පිළිවන් වන පිණිස මට හැකි හැම දේ ම මම කරමි.
ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.