Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 8:33 - Sinhala New Revised Version

33 ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 තවද ගිඩියොන් මැරුණු වහාම ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් බාල් දේවතාවන් අනුව අනාචාරයෙන් හැසිරෙමින් බාල්බෙරීත් තමුන්ට දෙවිකොට තබාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 8:33
17 හුවමාරු යොමු  

ෂෙකෙම්හි කොටුවේ සිටි සියලු දෙනා ඒ අසා, බෙරිත් නම් දෙවියාගේ දේවාලයේ කොතට ඇතුළු වුණෝ ය.


තවද, ඔව්හු බාල්-බෙරිත්ගේ දේවාලයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝ ය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තේ ය.


එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය.


ගිඩියොන් එයින් පිළිමයක් සාදා එය තමාගේ නගරය වූ ඔප්‍රාහි පිහිටෙවුවේ ය. ඉශ්රායෙල්වරු සියලු දෙනා සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී ඒ පිළිමය වැළඳගත්හ. එය ගිඩියොන්ටත්, ඔහුගේ පවුලටත් මලපතක් මෙන් විය.


එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය.


වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය.


ජෙහෝවාෂ් වනාහි ජෙහෝයාදා පූජකයා විසින් තමාට දැනුමැතිකම් දෙන ලද කාලය මුළුල්ලෙහි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.


ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.


ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.


ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය.


ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් දීර්ඝායු වළඳා මියගොස්, අබියෙශ්‍රීවරුන්ට අයත් ඔප්‍රාහි තමාගේ පියා වූ ජෝවාෂ්ගේ සොහොන් ගෙහි තැන්පත් කරනු ලැබුවේ ය.


මේ සෙනඟගේ පියවරුන් මා අමතක කර බාල් දෙවියා වෙත හැරුණාක් මෙන්, දිවැසිවරු තමන් එකිනෙකාට කියන සිහින කරණකොටගෙන මාගේ සෙනඟට මා අමතක කරන්න සැලැස්වීමට අභිප්‍රාය කරති.


ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට බාල් දේවතාවුන්ටත්, අෂෙර් දේවතාවියටත් වැඳුම්පිදුම් කළහ.


ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්