අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ කතා කොට, “දාවිත් ඔබ හැමගේ රජු වන පිණිස ඔබ පසු ගිය කාලයෙහි දී ඔහු සෙව්වහු ය.
1 සාමුවෙ 8:4 - Sinhala New Revised Version එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්, Sinhala New Revised Version 2018 එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්, Sinhala Revised Old Version එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට: |
අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ කතා කොට, “දාවිත් ඔබ හැමගේ රජු වන පිණිස ඔබ පසු ගිය කාලයෙහි දී ඔහු සෙව්වහු ය.
මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය.
තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න.
“නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි.
පසු දින අලුයම එල්කානා සහ ඔහුගේ පවුල නැඟිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කොට, හැරී ගොස් රාමාහි තමන්ගේ ගෙදරට ගියෝ ය. එල්කානා සිය බිරිඳ වන හන්නා සමඟ එක් විය. සමිඳාණන් වහන්සේ ද ඇය සිහි කළ සේක.
ජාබෙෂ්හි ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප ඉශ්රායෙල්හි සියලු පළාත්වලට පණිවුඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුන මැනව; අපට පිහිට වන්නට කිසිවෙක් නැත්නම්, අපි ඔබට යටත් වන්නෙමු”යි කීවෝ ය.
ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය.