Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:19 - Sinhala New Revised Version

19 පසු දින අලුයම එල්කානා සහ ඔහුගේ පවුල නැඟිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කොට, හැරී ගොස් රාමාහි තමන්ගේ ගෙදරට ගියෝ ය. එල්කානා සිය බිරිඳ වන හන්නා සමඟ එක් විය. සමිඳාණන් වහන්සේ ද ඇය සිහි කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පසු දින අලුයම එල්කානා සහ ඔහුගේ පවුල නැඟිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කොට, හැරී ගොස් රාමාහි තමන්ගේ ගෙදරට ගියෝ ය. එල්කානා සිය බිරිඳ වන හන්නා සමඟ එක් විය. සමිඳාණන් වහන්සේ ද ඇය සිහි කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:19
23 හුවමාරු යොමු  

තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.


ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.


තවද, දෙවියන් වහන්සේ රාකෙල් සිහි කර ඈට සවන් දී, ඈට ගැබ්ගැනීමට සැලැස්සූ සේක.


ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, “සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය.


තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.


හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.


මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි; ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.


උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.


සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.


පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.


දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.


අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.


එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේ ය. එහෙත්, දරුවා නතර වී ඒලී පූජකයා යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය.


එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්-ශෝපීම්හි එල්කානා නම් මිනිසෙක් විය. ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; එප්‍රායිමියයෙකු වූ ශුප්ගේ ගෝත්‍රයේ තොහුගේ පවුලට අයත් එලීහුගේ මුණුබුරා ය.


ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය.


ගිබියොන් ද රාමා ද බෙයේරොත් ද


එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්,


ඉක්බිති සාමුවෙල් රාමා නගරයට ගියේ ය; සාවුල් ද ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේ ය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.


දාවිත් ගැළවී පලා ගොස් රාමාහි සිටි සාමුවෙල් වෙත පැමිණ, සාවුල් තමාට කළ සියල්ල දැන්නුවේ ය. එවිට දාවිත් සහ සාමුවෙල් නායොත්ට ගොස් එහි විසූ හ.


සාමුවෙල් මියගියේ ය; සියලු ඉශ්රායෙල්වරු රැස් ව ඔහු ගැන වැළපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත් කළහ. ඉන්පසු දාවිත් පිටත් ව මායොන් පාළුකරයට බැස ගියේ ය.


ඒ ස්ත්‍රිය ගර්භණී ව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණි විට පුත්‍රයකු ලැබුවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්