ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 27:2 - Sinhala New Revised Version

මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් හසියයද පිටත්වී මායොක්ගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට ගියෝය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 27:2
7 හුවමාරු යොමු  

කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.


දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය.


ආකීෂ්ගේ සේවකයෝ රජු අමතා, “මොහු සිය දේශයෙහි රජ වූ දාවිත් නොවේ ද? ‘මැරී සාවුල්, දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක් යැ’යි කියමින් ස්ත්‍රීන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කීවෝ ය.


එවිට දාවිත්, “ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ.


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.


එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ හයසියදෙනා ද පිටත් ව ගියහ. ඔව්හු බෙසොර් ඔය ළඟට පැමිණි විට සමහරෙක් එහි නැවතුණහ.