Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:8 - Sinhala New Revised Version

8 දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:8
21 හුවමාරු යොමු  

මෙසේ දාවිත් අමලෙක්වරුන් ගෙන ගිය සියල්ලන් ද තමාගේ භාර්යාවන් දෙදෙනා ද ගළවාගත්තේ ය.


එබැවින්, “මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ කතා කරමින්, “නුඹ ඉස්සරහට නො‍යන්න; වටකරින් ඔවුන්ට පිටුපසින් ගොස් ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් ළඟට පැමිණෙන්න.


එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.


තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


ඔහු එලෙයාසර් පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. මේ පූජකවරයා මා ඉදිරියෙහි උරීම් කැට භාවිත කිරීමෙන් ඔහු විමසනු ඇත. මෙසේ පූජකවරයා විධාන කිරීමෙන් ඔහුට ද මුළු ඉශ්රායෙල් ජනතාවට ද මඟපෙන්වනු ඇත.”


සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක.


ඉශ්රායෙල් සෙනඟ පිටත් ව බෙතෙල්ට ගොස්, “බෙන්ජමින් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුත්තෝ කවුරු දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළෝ ය. “ජුදාවරුන් පළමු ව යා යුතු ය”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, “අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක.


සාවුල් ද, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්නට ඕනෑ ද? ඔබ වහන්සේ ඔවුන් ඉශ්රායෙල් අතට පාවා දෙන සේක් දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. එහෙත්, උන් වහන්සේ එදා ඔහුට උත්තර නොදුන් සේක.


තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය.


සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”


ලොකු කුඩා සියල්ලන්ගෙන් ද දරුදැරියන්ගෙන් ද කිසිවකු වත්, කොල්ලය වත්, ඔවුන් ගත් කිසිවක් වත් අඩු නැතිව සියල්ල ම දාවිත් නැවත ගෙනාවේ ය.


ගිඩියොන් සහ ඔහුගේ මිනිස්සු තුන්සියදෙනා ජොර්දාන් ගඟ ළඟට පැමිණ එයින් එතෙර වූ හ. ඔව්හු අධික වෙහෙසට පත් වී සිටිය නමුත්, එතෙක් සතුරන් ලුහුබැඳ ගියෝ ය.


එබැවින් ඔව්හු, “ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්