Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 27:2 - Sinhala Revised Old Version

2 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් හසියයද පිටත්වී මායොක්ගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 27:2
7 හුවමාරු යොමු  

දාවිත්ද: නුඹලා එකිනෙකා තම තමාගේ කඩුව බැඳගන්නැයි තමාගේ මිනිසුන්ට කීය. ඔව්හු හැමදෙනම තම තමුන්ගේ කඩු බැඳගත්තෝය; දාවිත්ද තමාගේ කඩුව බැඳගත්තේය. මිනිසුන් හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝය; දෙසියයක් බඩු ළඟ නැවතී සිටියෝය.


දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය.


මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.


එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මිනිසුන් හසියයද ගියෝය. ඔවුන් බෙසොර් ඔය ළඟට පැමුණුණුවිට නවත්වායන්ට සිදුවූ අය එහි නැවතුණෝය.


දාවිත් කීෂ්ගේ පුත්‍රවූ සාවුල් නිසා සැඟවී ශික්ලග්හි සිටියදී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොව්හුය. මොව්හු යුද්ධයේදී ඔහුට උපකාරවූ බලවන්තයන්ගේ ගණනට අයිතිවූහ.


ආඛීෂ්ගේ සේවකයෝ ඔහුට කථාකොට: මොහු දේශයෙහි රජවූ දාවිත් නොවේද? සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකා කළේ මොහු ගැන නොවේදැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්