ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහ සෑදීමට රන් කිලෝග්‍රෑම් තුනක් යොදන ලදී. රජ තෙම ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාවේ ඒවා තැබී ය.
1 රාජාවලිය 7:2 - Sinhala New Revised Version ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි. Sinhala New Revised Version 2018 ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි. Sinhala Revised Old Version ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය. |
ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහ සෑදීමට රන් කිලෝග්‍රෑම් තුනක් යොදන ලදී. රජ තෙම ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාවේ ඒවා තැබී ය.
සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවේ සියලු භාජනත් තනි රනින් විය. කිසිවක් රිදීයෙන් නො වී ය. රිදී වනාහි සලමොන් රජුගේ කාලයේ දී අගය කොට නොසලකන ලදී.
සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රාජ මාලිගාව ද ගොඩනඟා, තම ආසාව පරිදි සාදන්නට කැමැති වූ සියල්ලත් සාදා නිම කළ විට,
තමන් සතු සියලු ගබඩා-නගර ද රථවලට නගර ද අසරුවන්ට නගර ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ රජයට අඩංගු වූ මුළු දේශයෙහිත් තමන් රිසි පරිදි ගොඩනඟනු කැමැති සියල්ල ද ගොඩනැඟුවේ ය.
ඔහු කුඩා පලිස් තුන්සියයක් ද තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහක රන් කිලෝග්‍රෑම් තුනක් විය. රජ ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි ඒවා තැබී ය.
ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.
ජුදාවේ බලකොටු සියල්ල වැටිණි. එසේ වූ විට නුඹලා ‘ආරණ්‍ය ගෘහය’ නම් ගබඩාවෙන් අවි ආයුධ ගෙනාවහු ය.