Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 9:16 - Sinhala New Revised Version

16 ඔහු කුඩා පලිස් තුන්සියයක් ද තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහක රන් කිලෝග්‍රෑම් තුනක් විය. රජ ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි ඒවා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔහු කුඩා පලිස් තුන්සියයක් ද තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහක රන් කිලෝග්‍රෑම් තුනක් විය. රජ ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි ඒවා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඔහු කුඩා පලිස් තුන්සියයක් තළාපු රනින් සෑදුවේය; එක එක කුඩා පලිසට රන් ෂෙකෙල් තුන්සියයක් ඇල්ලුවේය. රජ ලෙබනොන් වනය නම් ගෘහයෙහි ඒවා තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:16
5 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය.


ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි.


මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය.


සලමොන් රජ තැළූ රනින් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහක තැළූ රන් කිලෝග්‍රෑම් සතක් විය.


තවද, රජ ඇත් දත්වලින් විශාල සිංහාසනයක් සාදා තනිකර රනින් එය ආලේප කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්