Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:2 - Sinhala Revised Old Version

2 ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:2
8 හුවමාරු යොමු  

ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තළාපු රනින් සෑදුවේය; එක එක කුඩා පලිහට රන් රාත්තල් තුනක් ගියේය. රජ ලෙබනොන් වනය නම් ගෘහයෙහි ඒවා තැබුවේය.


ඔහු කුඩා පලිස් තුන්සියයක් තළාපු රනින් සෑදුවේය; එක එක කුඩා පලිසට රන් ෂෙකෙල් තුන්සියයක් ඇල්ලුවේය. රජ ලෙබනොන් වනය නම් ගෘහයෙහි ඒවා තැබුවේය.


නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.


සාලමොන් රජුගේ පාන පාත්‍රා සියල්ලම රනින් විය. ලෙබනොන් වනය නම් ගෘහයේ සියලු භාජනත් පවිත්‍ර රනින් විය. එකක්වත් රිදීයෙන් නොවීය; රිදී වනාහි සාලමොන්ගේ දවස්වලදී අනර්ඝකොට සැලකුවේ නැත.


සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


කණු පිට පේළියට පසළොසක් බැගින් පිහිටුවා තිබුණ කාමර සතළිස් පහ කිහිරි ලීවලින් උඩින් වසා තිබුණේය,


තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද ගොඩනගා, සාලමොන් තමාගේ මුළු ආශාවේ හැටියට සාදන්ට කැමතිවූ සියල්ලත් නිමකළ විට,


යූදාගේ වැස්ම අහක්කරනලද්දේය, නුඹ ඒ දවසෙහි වනය නම් ගෘහයේ යුද්ධායුධ දෙස බැලුවෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්