Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 10:17 - Sinhala New Revised Version

17 ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහ සෑදීමට රන් කිලෝග්‍රෑම් තුනක් යොදන ලදී. රජ තෙම ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාවේ ඒවා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහ සෑදීමට රන් කිලෝග්‍රෑම් තුනක් යොදන ලදී. රජ තෙම ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාවේ ඒවා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තළාපු රනින් සෑදුවේය; එක එක කුඩා පලිහට රන් රාත්තල් තුනක් ගියේය. රජ ලෙබනොන් වනය නම් ගෘහයෙහි ඒවා තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 10:17
4 හුවමාරු යොමු  

ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය.


මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය.


ජුදාවේ බලකොටු සියල්ල වැටිණි. එසේ වූ විට නුඹලා ‘ආරණ්‍ය ගෘහය’ නම් ගබඩාවෙන් අවි ආයුධ ගෙනාවහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්