එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
1 කොරින්ති 10:11 - Sinhala New Revised Version මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. සිංහල කාලීන පරිවර්තනය ඒ දෑ ඔවුනට සිදු වූයේ ආදර්ශයක් වශයෙනි. ඒවා ලියනු ලැබ ඇත්තේ යුගවල කෙළවරට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමට ය. Sinhala New Revised Version 2018 මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. Sinhala Revised Old Version ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය. |
එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!
මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.
මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත.
රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ ය; එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවිආයුධ පැළඳගනිමු.
ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල, එයින් ඇති වන ඉවසීමෙන් ද සැනසීමෙන් ද අපට බලාපොරොත්තුව උදා වන පිණිස, අපේ ඉගෙනීම සඳහා ලියන ලද්දේ ය.
ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන්, අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස, මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි.
සැබැවින් ම උන් වහන්සේ මෙය පවසා ඇත්තේ අප උදෙසා නොවේ ද? නිසැක ව ම එය ලියන ලද්දේ අප උදෙසා ය. හාන්නා හෑ යුත්තේ ද, ගොයම් පාගන්නා පෑගිය යුත්තේ ද, අස්වැන්නෙන් හිමි කොටස ලැබීමේ බලාපොරොත්තුවෙන් යයි ලියා ඇත.
මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය.
ඇතැම් අය කරන ලෙස අපේ ම රැස්වීම්වලින් ඈත් ව නොසිට, සමිඳාණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු.
ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “එන්නට සිටින තැනැන් වහන්සේ පමා නොවී, තව මඳ කලෙකින් වඩින සේක.
ප්‍රිය දරුවෙනි, අවසාන මොහොත පැමිණ ඇත. මේ කාලයේ දී ක්‍රිස්තු-විරෝධියා එන බව ඔබ අසා ඇත. දැනට ම බොහෝ ක්‍රිස්තු-විරෝධීහු පහළ වී සිටිති. මේ කරුණින් මෙය අන්තිම මොහොත බව අපට පෙනේ.