හොෂෙයා 10:12 - Sinhala New Revised Version 2018 ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගන්න; ස්ථිර ප්‍රේමයට සුදුසු පල නෙළාගන්න. පුරන් බිම කොටන්න. නුඹේ සමිඳාණන් වහන්සේ වෙත හැරෙන්නට දැන් කාලය හරි ය. එවිට උන් වහන්සේ පැමිණ නුඹලා පිට ගැළවීමේ වැසි වස්වන සේක. Sinhala New Revised Version ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගන්න; ස්ථිර ප්‍රේමයට සුදුසු පල නෙළාගන්න. පුරන් බිම කොටන්න. නුඹේ සමිඳාණන් වහන්සේ වෙත හැරෙන්නට දැන් කාලය හරි ය. එවිට උන් වහන්සේ පැමිණ නුඹලා පිට ගැළවීමේ වැසි වස්වන සේක. Sinhala Revised Old Version ධර්මිෂ්ඨකම පිණිස වපුරාගන, කරුණාවේ හැටියට කපාගන්න; පුරන් බිම කොටාගන්න. ස්වාමීන්වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු, දැන් උන්වහන්සේ සොයන්ට කාලයය. |
උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.
ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.
උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
වැපිරීම සඳහා බොහෝ සේ වතුර ද ගවයන්ට හා කොටළුවන්ට නිදහසේ කෑමට සෑම තැන ම තණ බිම් ද ඇති වන නිසා නුඹලා වාසනාවන්තයෝ ය.
වියළි දේශයට මම වතුර දෙන්නෙමි; කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි. නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.
එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න. ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”
නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.
එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”
නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස්වල දීත් ඒ කාලවල දීත් ඉශ්රායෙල්හි හා ජුදාවේ සෙනඟ එක් ව තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මා සොයමින් අඬ අඬා පැමිණෙන්නෝ ය.
“මම ඔවුන්ට ආශීර්වාද කර, මාගේ ශුද්ධ කන්ද අවට විසීමට සලසාදෙන්නෙමි. වැස්ස නියම කාලයට වස්වන්නෙමි. ඒවා ආසිරි වැසි වන්නේ ය.
එබැවින් නුඹලා දෙවියන් වහන්සේ වෙත හැරී, ප්‍රේමයෙන්, යුක්තිගරුක ව උන් වහන්සේ කෙරෙහි නිරන්තර බලාපොරොත්තුවෙන් සිටින්න.
ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහු ය.
අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.
ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත.
නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.
ඉශ්රායෙල් සෙනඟට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මා වෙත හැරී එන්න; එසේ ඇවිත් ජීවත් වන්න.
දෙවියන් වහන්සේ වෙත හැරී යන්න; ගොස් ජීවත් වන්න. නොගියොත් උන් වහන්සේ ගින්නක් මෙන් ජෝසෙප්ගේ වංශය පිට පැමිණෙන සේක. බෙතෙල්හි සෙනඟ ගින්නට දැවී යනු ඇත. එය නිවීමට හැකි කිසිවෙක් නැත.
හත්දින්න ද මුවසිරස ද මවාලන, රෑ අඳුර එළිය කරන, දිවා එළිය රෑ කරන, මුහුදු දියට හඬගසා පොළොව පුරා ගලා යවන, පවුරු හා බලකොටු පිට විනාශය පමුණුවන එතුමාණන්ගේ නම සමිඳාණෝ වන සේක.
“පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි.
එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.
වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී, ඒවා වැඩෙන්න සලස්වා, ඔබගේ ත්‍යාගශීලීභාවයේ අස්වැන්න සරුසාර කරන සේක.