මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක.
හෙබ්‍රෙව් 13:5 - Sinhala New Revised Version 2018 ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ. Sinhala New Revised Version ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ. සිංහල කාලීන පරිවර්තනය මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත්ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ. Sinhala Revised Old Version නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. |
මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක.
ඔහු ද උත්තර දෙමින්, “මා ඔබට කුමක් ගෙවිය යුතු දැ”යි ඇසූ විට, “ඔබ මට කිසිවක් දෙන්න උවමනා නැත. මා මේ කියන්න යන දේ ඔබ මට ඉටු කරන්නෙහි නම්, මම නොකඩවා ම ඔබේ බැටළු රැළ කවා පොවා රැකබලාගන්නෙමි.
“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්‍රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක.
තවද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් අත් නෑර ඉශ්රායෙල් ජනයා අතරෙහි වාසය කරන්නෙමි”යි වදාළ සේක.
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා!
තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.
දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.
මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි.
හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
මෝසෙස් මිදියන්හි පූජකවරයා සමඟ පදිංචි වීමට සතුටු විය. ඔහු මෝසෙස්ට තම දුව වන ශිප්පොරා සරණ පාවාදුන්නේ ය.
“නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.”
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.
අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි. මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි.
ඔවුන්ගෙන් කුඩා අය සිට ලොකු අය දක්වා සියල්ලෝ ම අයුතු ලාභ උපයා ගනිති: දිවැසිවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.
එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.
“මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.
“එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද?
එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”
සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි.
හේවායෝ ද, “ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. “කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙන් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය.
කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා ජීවිතයේ කම්කටොලුවලින් ද වස්තුවෙන් ද ඉඳුරන් පිනවීමෙන් ද වචනය හිර වී සම්පූර්ණ පල නොදරන අය ය.
ඔව්හු සියලු ආකාර දුෂ්ටකමින් ද නපුරෙන් ද ලෝභයෙන් හා ද්වේෂයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද මිනී මැරීමෙන් ද දබරයෙන් ද වංචාවෙන් ද ක්‍රෝධයෙන් ද පූර්ණ ව සිටිති. ඔව්හු ඕපාදූප දොඩන, කේළාම් කියන,
එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.
සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.
ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.
මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය.
ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.”
ඔබට පෙරටුවෙන් යන්නේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බිය නොවන්න; නොකැළඹෙන්නැ”යි කීවේ ය.
උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.
එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.
දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.
කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය.
ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.
අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.
මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක.
සමිඳාණන් වහන්සේ ඔබ තමන් වහන්සේගේ ම සෙනඟ කරගන්නට ප්‍රසන්න ව සිටින බැවින්, තමන්ගේ උදාර නාමය නිසා තමන්ගේ ම සෙනඟ අත් නොහරින සේක.