Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 5:11 - Sinhala New Revised Version 2018

11 එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 එහෙත් දැන් මා මේ ඔබට ලියන්නේ, ලිංගික අනාචාරයෙහි, තණ්හාවෙහි වරදකරුවකු වන කෙනකු හෝ පිළිම වඳින්නකු, අපහාසිකයකු, බේබද්දකු හෝ වංචනිකයකු වන සහෝදර නාමය දරන කිසිවකු සමඟ ඇසුරක් නො පවත්වන ලෙස හා එවැන්නකු සමඟ ආහාර ගැනීම නො කළ යුතු ය කියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්‍යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 5:11
47 හුවමාරු යොමු  

සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.


යමෙක් මේ හසුනේ සඳහන් අපගේ අවවාදවලට කීකරු නොවන්නේ නම් ඔහු සිතේ තබා ගෙන, ඔහු ලජ්ජාවට පමුණුවන පිණිස ඔහු ඇසුරු නොකරන්න.


තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු.


ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.


සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේ ද? එසේ නම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.


ඔබ වෙත පැමිණෙන යමෙක් මේ ධර්මය රැගෙන නොඑන්නේ නම්, ඔහු ගෙදරට නොපිළිගන්න, ඔහුට ආචාර ද නොකරන්න.


එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


ඔහු බීමත්කමින් තොර, හිංසාකාරී නො වූ ඉවසිලිවන්ත, සාමකාමී,


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ.


එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය.


මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය.


“ඒ දවස මලපතක් මෙ‍න් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.


සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.


සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.


එසේ නම් ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුන් වහන්සේ මළ නමුත් දුර්වල වූ ඔහු, ඔබගේ දැනගැන්ම නිසා විනාශයට පත් වේ.


සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධ ව, නඩු කියාගැනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද?


අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු.


සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.


දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.


එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.


මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.


මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න.


ඒ වරද නම්, ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමඟ ආහාර වැළඳූ නමුත්, ඔවුන් පැමිණියාට පසු චර්මඡේදනවාදීන්ට භය ව, පසුබැස, වෙන් ව සිටීම යි.


මන්ද, ඔබ කන විට එකිනෙකා තම තමාගේ ම කෑම අනික් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේ ය. ඒ නිසා එක් කෙනෙකු බඩගිනි ව සිටින අතර තව කෙනෙක් වෙරි වෙන තෙක් බොන්නේ ය.


එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, රූප නමස්කාරය වෙතින් පලා යන්න.


එහෙත් කිතුනු නොවන විවාහකයා වෙන් වන්නට කැමැති නම්, වෙන් වේ වා. මෙවැනි අවස්ථාවලින් කිතුනු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැඳුමෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමට ය.


සෙසු අයට සමිඳාණන් වහන්සේ නොව මම මෙසේ කියමි. යම් සහෝදරයෙකුට කිතුනු නොවන භාර්යාවක් සිටී නම්, ඈ ඔහු සමඟ වාසය කිරීමට කැමැති නම්, ඔහු ඇය දික්කසාද නොකෙරේ වා.


අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය.


පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙ‍න් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි.


මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:


අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්