මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.
හිතෝපදේශ 5:16 - Sinhala New Revised Version 2018 ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත. Sinhala New Revised Version ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත. Sinhala Revised Old Version නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද? |
මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.
දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමාණන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.
ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න.
මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ වැටකින් වට කළ උයනක් ය; වසා තිබෙන ළිඳක් ය; මුද්‍රා කර තිබෙන උල්පතක් ය.
දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ.
සමිඳාණන් වහන්සේ සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාසයක් නො වී ය. එතුමාණෝ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්න සැලැස්සූ සේක. එතුමන් පර්වතය විවර කළ විට වතුර ගලා ආයේ ය.
ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත. අහස් තලය පිනි බිඳු වස්වනු ඇත.
ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් ද දූවරු තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔහු දූවරුන් තිස්දෙනා ඔහුගේ වංශයෙන් පිටත අයට සරණපාවා දී, ඔහුගේ පුත්‍රයන්ට පිටතින් කාන්තාවන් තිස්දෙනෙකු ගෙනාවේ ය. ඔහු සත් අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.