Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 127:3 - Sinhala New Revised Version 2018

3 දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමාණන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 127:3
22 හුවමාරු යොමු  

“ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ බෝ වීමට ද ආශීර්වාද ලැබෙන්නේ ය.


මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක.


සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.


තවද, උන් වහන්සේ මට කතා කරමින්, ‘බලන්න, මම නුඹ සඵලවත් කොට, නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනඟක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදහට උරුම කොට දෙමි’යි වදාළ සේක.


ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය.


දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක.


මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.


සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක.


ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය; දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය; ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.


ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, “සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය.


සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක.


ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් ද දූවරු තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔහු දූවරුන් තිස්දෙනා ඔහුගේ වංශයෙන් පිටත අයට සරණපාවා දී, ඔහුගේ පුත්‍රයන්ට පිටතින් කාන්තාවන් තිස්දෙනෙකු ගෙනාවේ ය. ඔහු සත් අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.


සවැනියා දාවිත්ගේ බිරිඳ වන එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය. මොවුහු හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන්නාහ.


ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.


ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්