ජෝසෙප්ගේ ස්වාමියා ද, ‘ඔබේ සේවකයා මෙලෙස කෙළේ ය’යි තම භාර්යාව කී වචන ඇසූ විට, කෝපයෙන් දිළිහී,
හිතෝපදේශ 29:12 - Sinhala New Revised Version 2018 පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ බවට පත් වෙති. Sinhala New Revised Version පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති. Sinhala Revised Old Version ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති. |
ජෝසෙප්ගේ ස්වාමියා ද, ‘ඔබේ සේවකයා මෙලෙස කෙළේ ය’යි තම භාර්යාව කී වචන ඇසූ විට, කෝපයෙන් දිළිහී,
සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.
එහෙත්, ඔව්හු ඇහුම්කන් නුදුන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කළා වූ විජාතීන්ට වඩා නපුරුකම් කරන ලෙස මනස්සේ ඔවුන් මුළා කෙළේ ය.
එහෙත්, ඔහු වත්, ඔහුගේ සේවකයෝ වත්, දේශයේ සෙනඟ වත් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයා වන ජෙරමියා මඟින් ප්‍රකාශ කරන ලද උන් වහන්සේගේ වචනවලට සවන් නුදුන්නෝ ය.
සාවුල් තමාගේ සේවකයන්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට, රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රිය මනාප ය. එතුමන්ගේ සියලු සේවකයෝ ද ඔබට කැමැති ය; එබැවින් රජ්ජුරුවන්ගේ බෑණා වන්න කියා කියන්නැ”යි කී ය.