ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 2:18 - Sinhala New Revised Version 2018

ඇගේ නිවස මරණයට බැස යන බෑවුමකි; ඇගේ මාවත් මළවුන්ගේ ලෝකයට යන ගමනකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඇගේ නිවස මරණයට බැස යන බෑවුමකි; ඇගේ මාවත් මළවුන්ගේ ලෝකයට යන ගමනකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ඇගේ ගෙය මරණයටද ඇගේ මාවත් මළවුන් වෙතටද යොමුවන්නේය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 2:18
11 හුවමාරු යොමු  

විශ්‍රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.


අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.


ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.


මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය.


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.