එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, “අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය.
හිතෝපදේශ 17:14 - Sinhala New Revised Version 2018 නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය. Sinhala New Revised Version නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය. Sinhala Revised Old Version ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න. |
එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, “අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය.
අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය.
රෙමලියාගේ පුත් පෙකා බලවන්තයන් ව සිටි එක්ලක්ෂ විසිදහසක් එක දවසේ ජුදාහි දී මැරුවේ ය. මෙසේ වූයේ, ඔවුන් තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා ය.
ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න; වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?
ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය.
ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න.