Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 15:1 - Sinhala New Revised Version 2018

1 මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 15:1
16 හුවමාරු යොමු  

ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නො‍වෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.


ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබ අද මේ සෙනඟට සේවකයෙකු වී, ඔවුන්ට සේවය කොට, ප්‍රිය වචනයෙන් ඔවුන්ට කතා කරමින් උත්තර දෙන්නෙහි නම්, ඔවුන් සෑම කල්හි ඔබේ සේවකයන් වනු ඇතැ”යි කී හ.


ඔව්හු කතා කොට, “ඔබ මේ සෙනඟට කරුණාවන්ත ව, ඔවුන් ප්‍රසන්න කොට, ප්‍රිය මනාප වචන ඔවුන්ට කතා කළොත්, ඔවුන් සෑම කල්හි ම ඔබේ මෙහෙකරුවන් වනු ඇතැ”යි ඔහුට කීවෝ ය.


ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද? නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද?


වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි.


වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.


ඉවසීමෙන් අධිපතියකු වුව ද නම්මාගත හැක; මුදු මොළොක් බසින් දැඩි ආධිපත්‍යය බිඳිය හැක.


තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත.


කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.


අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති.


ඔහු මෙසේ කියා සභාව විසුරුවා හැරියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්