හිතෝපදේශ 1:31 - Sinhala New Revised Version 2018 කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත. Sinhala New Revised Version කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත. Sinhala Revised Old Version එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය. |
එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”
ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.
නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”
එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.
එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”