Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 14:16 - Sinhala New Revised Version 2018

16 ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඔවුන්ගේ අනාගතවාක්‍ය අසන සෙනඟත් සාගතයද කඩුවද කරණකොටගෙන යෙරුසලමේ වීථිවල හෙළාදමනු ලබන්නෝය; ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් පුත්‍රයන්වත් දූවරුන්වත් වළලන්ට කිසිවෙක් නොවන්නේය. මක්නිසාද මම ඔවුන්ගේ දුෂ්ටකම ඔවුන් පිට වගුරුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 14:16
23 හුවමාරු යොමු  

මේ සෙනඟගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් එළවාදමන්නට කිසිවෙක් නොසිටිති.


කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.


එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!


ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.


“ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.


පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.


මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”


දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”


“නුඹේ කල්ක්‍රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.”


සෙනඟට මඟපෙන්වන්නන් ඔවුන් නොමඟ යවා වියවුල් කර ඇත.


නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.


“ඒ කාලයේ දී ජුදා රජවරුන්ගේත්, අධිපතීන්ගේත්, පූජකයන්ගේත්, දිවැසිවරුන්ගේත්, ජෙරුසලම් වැසියන්ගේත් ඇටකටු සොහොන් ගෙවලින් එළියට ගෙනෙනු ලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ඒ ඇටකටු, ඒ අය ප්‍රේම කොට සේවය කළ, පසුපස ගොස් පේන අසා නමස්කාර කළ, ඉරත් සඳත් අහසේ සෙසු ආකාශ වස්තුත් ඉදිරියේ අතුරා තබනු ඇත. ඒවා එකතු කොට වළලනු වෙනුවට, පොළොව මතුපිට කසළ වන්නේ ය.


සමිඳාණන් වහන්සේ ඒ දිවැසිවරුන් නොඑවූ බවත්, උන් වහන්සේගේ නමින් ඔවුන් බොරු කියන බවත් සමිඳාණන් වහන්සේ ම වදාළ සේක. ඒ නිසා, උන් වහන්සේ ඔබ ද ඔබට දිවැස් වැකි පවසන දිවැසිවරුන් ද පලවා හරින සේක. ඔබ සියල්ලන් ම මරු මුවට පත් වනු ඇත.”


තවද, ඔව්හු දේශය පිරිසිදු කිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින් දේශය මතුපිට ඉතුරු වන අය වැළලීමෙහි නිතර ම යෙදී සිටීමට මිනිසුන් තෝරාගනිති. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝ ය.


ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ ”


ජෙරමියා මෙසේ කී ය: “ස්ත්‍රීවරුනි, සමිඳාණන් වහන්සේගේ බසට සවන් දී උන් වහන්සේගේ වචන සිතට ගෙන, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමත්, එකිනෙකාට තම තමාගේ අසල්වැසි ස්ත්‍රියට විලාප කීමත් උගන්වන්න.


එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්