“එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය.
ශෙපනියා 3:2 - Sinhala New Revised Version 2018 ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත. Sinhala New Revised Version ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත. Sinhala Revised Old Version ඈ හඬට කීකරු නුවූවාය; අවවාදය පිළිනොගත්තාය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකළාය; ඇගේ දෙවියන්වහන්සේට ළංවුණේ නැත. |
“එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය.
මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.
එසේ වූයේ, ඔවුන් දෙවිඳුන් විශ්වාස නොකළ බැවිනි; එතුමාණන්ගේ විමුක්තිදායක බලය කෙරෙහි ඔවුන් විශ්වාසය නොතැබූ බැවිනි.
එවිට ඔබ මෙසේ කියනු ඇත: “අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි! මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!
ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.
උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය.
නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.
ඔබ සමිඳුන් අමතක කළ බැවින්, අන් දෙවිවරුන් විශ්වාස කළ හෙයින් ඔබ හැමට මැන තිබෙන උරුමයත්, ඉරණමත් මෙසේ වන්නේ යයි සමිඳාණෝ වදාරන සේක.
මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.
ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි.
ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹ ගොස් ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න: ‘මාගේ වචනවලට නුඹලා කීකරු වන්නේ වත්, මාගේ අනුශාසනා නුඹලා පිළිගන්නේ වත් නැද්දැ යි ස්වාමීන් වන මම අසමි.
එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ ”
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: නුඹලාගේ දේශය අපිරිසිදු ය. ඒ නිසා මම උදහසින් එයට දඬුවම් කරන්නෙමි.
ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;
මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”
දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි.
එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.