Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 3:2 - Sinhala Revised Old Version

2 ඈ හඬට කීකරු නුවූවාය; අවවාදය පිළිනොගත්තාය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකළාය; ඇගේ දෙවියන්වහන්සේට ළංවුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 3:2
30 හුවමාරු යොමු  

නුඹ සැපතින් සිටිද්දී නුඹට කථාකෙළෙමි; නාසන්නෙමියි නුඹ කීවෙහිය. මාගේ හඬට කීකරු නොවීම නුඹේ බාල කාලයේ පටන් නුඹේ විධියව තිබුණේය.


ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකැමැතිවූවෝය.


ඔව්හු මට මුහුණ නොව පිට පෑවෝය. මා අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට ඉගැන්වූ නුමුත් ඔව්හු අසා දැනමුතුකම පිළිනොගත්තෝය.


මා විසින් නුඹලාගේ දරුවන්ට පහරදුන්නා නිෂ්ඵලය; ඔවුන් දැනමුතුකම පිළිගත්තේ නැත. නුඹලාගේ කඩුව වනාහි විනාශකරන සිංහයෙකු මෙන් නුඹලාගේ ප්‍රොපේතවරුන් කාදැමුවේය.


එහෙත්, යාකොබ්, නුඹ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්‍රායෙල්, නුඹ මා ගැන කලකිරුණෙහිය.


ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,


මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්,


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.


දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.


මක්නිසාද නුඹ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.


දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට: උන්වහන්සේ පළි නොගන්නසේකැයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.


එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.


නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.


නුඹේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් නුඹ පිරිසිදුකරමින් සිටි නුමුත් නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය නුඹ කෙරෙහි සංසිඳුවාගන්න තුරු නුඹ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ගොස් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න–මාගේ වචනවලට කීකරුවෙන හැටියට නුඹලා දැනමුතුකම පිළිගන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;


නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.


ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.


නුඹ මා මතක නැතිකොට බොරුවක් කෙරෙහි විශ්වාසකළ නිසා මේක නුඹේ කොටසත් මා විසින් නුඹට මැනදෙන පංගුවත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මනුෂ්‍ය පුත්‍රය, ඈට මෙසේ කියන්න–නුඹ වනාහි පවිත්‍ර නූණාවූ, උදහස් දවසේදී වැසි නොලබන්නාවූ දේශයක්ය.


සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්