ලූක් 16:24 - Sinhala New Revised Version 2018 මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙනි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය. Sinhala New Revised Version මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙනි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය. සිංහල කාලීන පරිවර්තනය එවිට ඔහු, ‘ආබ්‍රහම් පියාණෙනි, අනේ මට අනුකම්පා කරන්න. මගේ දිව තෙමාගන්නට ලාසරස්ගේ ඇඟිලි තුඩ දියේ ගිල්වා, මා වෙත එවන්න. මම මේ ගිනි ජාලාවේ විඳවනවා’ යි කිව්වා. Sinhala Revised Old Version මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය. |
ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා, ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්, දයාවපාන්නේ වත් නැත.
ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.
“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.
‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.
එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.
ඔහු කතා කොට, ‘එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙනි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ’යි කී ය.
එබැවින් ආබ්‍රහම් අපේ පියාණෝ යයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවී සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න; මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකි යයි මම ඔබට කියමි.
ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.
එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.
මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!
අනෙක් අතට ඔහු චර්මඡේදනය ලැබූ අයගේ ද පියාණෝ ය. ඒ අය නම්, චර්මඡේදනය ලැබීමට පෙර ඔහුගේ ඇදහිල්ලේ ජීවිතය අනුගමනය කරන අය වේ.
එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක.
දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.
දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි.
එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.
දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය.
එවිට සාමුවෙල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙන් අහක් වී ඔබට විරුද්ධ ව සිටිද්දී ඔබ මාගෙන් අසන්නේ කුමක් නිසා ද?