Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 4:14 - Sinhala New Revised Version 2018

14 එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 4:14
32 හුවමාරු යොමු  

ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.


“පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න.


මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.


මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”


එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි.


මේ ගංගා ගලා යන සෑම තැන ම රාශි ගණන් පණ ඇති සියලු ම සත්ත්වයෝ ජීවත් වන්නෝ ය. එසේ මත්ස්‍යයන් මහා ගණනක් හටගනු ඇත. මන්ද, මේ වතුර එහි පැමිණි විට අනික් ඒවා මිරිදිය වන්නේ ය. ගංගාව ගලා යන කොතැනක වුව ද සිටින සියල්ලන් ජීවත් ව සිටිනු ඇත.


එහෙත් උල්පත්, තටාක හා ජලය ඇති වෙනත් ස්ථාන ද පවිත්‍ර යයි සැලකිය යුතු ය. එහෙත්, උන්ගේ මළකුණු ස්පර්ශ වන අන් සියල්ල අපවිත්‍ර ය.


මොවුහු සදාතන දඬුවමට ද, දැහැමියෝ සදාතන ජීවනයට ද යන්නෝ ය.”


ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය;


සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.


ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.


ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.


ස්ත්‍රිය ද, “මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද?


ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය.


ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය.


නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ කතා කොට, “ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.


මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.”


මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!


මෙසේ මරණය සලසමින් පාපය රජකම් කළාක් මෙන් දමිටු බව සලසමින් දේව වරප්‍රසාදය රජකම් කෙළේ ය. ඒ දමිටු බව අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදාතන ජීවනයට අප ගෙන යයි.


පාපයේ විපාකය මරණය යි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනය යි.


උන් වහන්සේගේ මුද්‍රාව අප පිට තබා, අපගේ සිත් තුළ, අපට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවා වදාළ සේක.


ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය.


ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න.


තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක.


ඔවුන්ට මින්පසු සාගින්නක් වත් පිපාසයක් වත් නැත. සූර්ය තාපය වත් දැවෙන ග්‍රීෂ්මය වත් ඔවුන් පෙළන්නේ නැත.


මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්