මාක් 2:19 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය. Sinhala New Revised Version උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය. සිංහල කාලීන පරිවර්තනය එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මනාලයා මංගල පිරිස සමඟ සිටියදී, ඔවුන්ට නිරාහාරව සිටිය හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තාක්, නිරාහාරව සිටින්නට ඔවුන්ට නො හැකියි. Sinhala Revised Old Version යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටියදී ඔවුන්ට නිරාහාරව සිටින්ට පුළුවන්ද? මනමාලයා ඔවුන් සමඟ සිටින තෙක් නිරාහාරව සිටින්ට ඔවුන්ට බැරිය. |
මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.
ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.
වරක් ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරු ද උපවාසයෙහි යෙදුණාහ. එවිට සමහරෙක්, “ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරුන්ගේ ගෝලයෝ ද උපවාස කරති; ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසූ හ.
එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇත.