Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 6:8 - Sinhala New Revised Version 2018

8 බිසෝවරුන් සැටක් ද උපභාර්යාවන් අසූවක් ද ගණන් කළ නොහැකි තරුණියන් ද සිටියත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 බිසෝවරුන් සැටක් ද උපභාර්යාවන් අසූවක් ද ගණන් කළ නොහැකි තරුණියන් ද සිටියත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 බිසෝවරුන් සැටක්ද උපභාර්යාවන් අසූවක්ද ගණන් නැති කන්‍යාවෝද සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 6:8
7 හුවමාරු යොමු  

මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.


ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ‍ සත්සියයක් හා උපභාර්යාවෝ‍ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ‍ ඔහුගේ සිත නොමඟ යැවූ හ.


ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.


සලමොන් රජ බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝ‍ගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය.


ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.


රෙහොබෝවම් තමාගේ සියලු භාර්යාවන්ටත්, උපභාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූ වන මයකාට ප්‍රේම කෙළේ ය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත්, උපභාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිඅටදෙනෙක් ද දූවරු හැටදෙනෙක් ද ඔහුට උපන්නෝ ය.


ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය. ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය. එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්