මතෙව් 18:10 - Sinhala New Revised Version 2018 “මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි. Sinhala New Revised Version “මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි. සිංහල කාලීන පරිවර්තනය “මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වගබලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි. Sinhala Revised Old Version මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න. |
මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.
ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.
කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පොළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.
එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.
ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.
එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.”
“මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යමෙක් වේ ද, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත.
ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.
හෙරොද් මියගිය පසු, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් මිසරයේ දී සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා,
උන් වහන්සේ මහත් හොරණෑ හඬක් සහිත ව තම දූතයන් එවන සේක. ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිව් දිගින් තෝරාගත්තවුන් රැස් කරන්නෝ ය.”
දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය.
ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”
ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය.
දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දූතයෙක් ඔහුගේ නිවසට පැමිණ, “කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක,
“ඔබට පිස්සු ය”යි ඔව්හු කී හ. එහෙත්, ඒ ඔහු ම ය යි ඈ සහතික කොට කී විට “ඒ ඔහුගේ රැකවල් දූතයා ය”යි ඔව්හු කී හ.
හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.
එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට,
එසේ නම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන් ද? ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන් ද? අප සියල්ලන් ම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.
මස් කෑමෙන් වත්, මද්‍යපානයෙන් වත්, අන් කිසි දෙයකින් වත් ඔබේ සහෝදරයාට බාධාවක් වේ නම්, එයින් වැළකී සිටීම යහපති.
තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු.
ඇත්තට ම, ඔබට කන්නටත් බොන්නටත් ගෙදර දී බැරි ද? ඔබ දෙවියන් වහන්සේගේ සභාවට නිගා කරමින්, දිළිඳුන් ලජ්ජාවට පත් කරන්නහු ද? මා ඔබට කුමක් කියන්න ද? ඔබට ප්‍රශංසා කරම් ද? මේ ගැන නම් ප්‍රශංසා කළ නොහැකි ය.
එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි.
දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.
ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.
‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත.
සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.
එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.
ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.
එවිට මම දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින දේව දූතයන් සත් දෙනා දිටිමි. ඔවුන්ට හොරණෑ සතක් දෙන ලද්දේ ය.