Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හෙබ්‍රෙව් 9:24 - Sinhala New Revised Version 2018

24 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 මන්ද ක්‍රිස්තුස්වහන්සේ ඇතුළු වූයේ, සැබෑ දේවල අනුරූප වන මිනිස් අතින් සෑදුණු ශුද්ධස්ථානයකට නො වේ; අප උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ දැන් පෙනී සිටින පිණිස, උන්වහන්සේ ස්වර්ගයටම ඇතුළු වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 9:24
32 හුවමාරු යොමු  

එතුමාණෝ අල්ලාගත් සිරකරුවන් උස් කන්දට ගෙන ගිය සේක. කැරලිකරුවන්ගෙන් පඬුරු ලැබූ සේක. දෙවි සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.


ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.


ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය.


උත්තම පූජක ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියේ සිටිනවාත්, ජෝෂුවාගේ දකුණු පැත්තේ ඔහුට විරුද්ධ ව චෝදනා නඟන පිණිස සාතන් සූදානමින් සිටිනවාත් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක.


“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.


“ ‘මිනිස් අතින් තැනූ මේ දේව මාලිගාව බිඳදමා අතින් නොතැනූ අනිකක් මම තෙ දිනකින් ගොඩනඟමි’යි මොහු කියනු අපි ඇසීමු”යි කී හ.


මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.


එසේ ආශීර්වාද කරද්දී ම, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක.


මම පියාණන් කෙරෙන් නික්ම ආවෙමි; ලෝකයට පැමිණ සිටිමි. මම නැවත ලෝකය අත්හැර පියාණන් වහන්සේ වෙතට යන්නෙමි”යි වදාළ සේක.


එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද?


ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය.


දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.


කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.


ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න.


උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.


ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.


එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.


ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.


මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක.


මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.


සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය.


එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම්, ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතු ය.


මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.


උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ.


තවත් දේව දූතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්