ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.
විලාප ගී 3:51 - Sinhala New Revised Version 2018 නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි. Sinhala New Revised Version නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි. Sinhala Revised Old Version මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය. |
ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.
“මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම් කන්නෝ ය; ඔවුන්ගේ පුත්‍රයෝ ද දූවරු ද සාගතයෙන් මැරෙන්නෝ ය.
ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.
මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ ”
එහි සිටින සෙනඟට ඔවුන්ගේ ම දරුදැරියන්ගේ මාංස කන්නට මම සලස්වන්නෙමි. ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන් ද ඔවුන්ට පීඩා කරන විට වටලනු ලැබූ ඔවුන් තම අසල්වැසියන්ගේ මාංස කනු ඇත.”
සමිඳාණෝ දැහැමි ය; එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය. අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න. මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.
මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.
බාලයා ද මහල්ලා ද වීදිවල බිම වැතිර සිටිති; මාගේ තරුණ තරුණියෝ කඩු පහරින් වැටුණෝ ය. ඔබේ උදහසේ දවසේ දී ඔබ ඔවුන් නැසූ සේක; නිර්දය ලෙස ඔවුන් ඝාතනය කළ සේක.