Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 19:9 - Sinhala New Revised Version 2018

9 එහි සිටින සෙනඟට ඔවුන්ගේ ම දරුදැරියන්ගේ මාංස කන්නට මම සලස්වන්නෙමි. ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන් ද ඔවුන්ට පීඩා කරන විට වටලනු ලැබූ ඔවුන් තම අසල්වැසියන්ගේ මාංස කනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එහි සිටින සෙනඟට ඔවුන්ගේ ම දරුදැරියන්ගේ මාංස කන්නට මම සලස්වන්නෙමි. ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන් ද ඔවුන්ට පීඩා කරන විට වටලනු ලැබූ ඔවුන් තම අසල්වැසියන්ගේ මාංස කනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 තමුන්ගේ පුත්‍රයන්ගේ මාංසද දූවරුන්ගේ මාංසද ඔවුන් විසින් කන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ද ඔවුන්ට කරන අමාරුවේදීත් තද පීඩාවේදීත්, ඔව්හු එකිනෙකාගේ මාංස කන්නෝයයි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 19:9
10 හුවමාරු යොමු  

දේශයේ සෑම තැනම සෙනඟට සොයාගත හැකි කෑම සියල්ලක්ම ඔවුන් කන නමුත්, ඒවා පැහැරගෙන කන නමුත්, ඔවුන්ගේ කුසගින්න නොනිවෙන්නේ ය. ඔවුහු තම දරුවන්ගේ මාංසය වුව ද කන්නෝ ය.


දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය. මාගේ සෙනඟ පිට පැමිණි විනාශයේ දී ඒ දරුවෝ ඔවුන්ට ආහාර වූ හ.


කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය.


අහෝ ජෙරුසලම! නුඹ තුළ පියවරු පුත්‍රයන් ද පුත්‍රයෝ තමන්ගේ පියවරුන් ද කන්නාහ; මම නුඹට දඬුවම් කොට ජෙරුසලමෙහි ඉතිරි වන සියල්ලන් දස දෙස විසුරුවා දමන්නෙමි.


සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව. ස්ත්‍රීන් තමන් කුසෙහි ඵලය වන, සුව සේ ප්‍රසූත කළ අත දරුවන් කෑ යුතු ද? පූජකයා සහ දිවැසිවරයා සමිඳුන්ගේ ශුද්ධස්ථානයේ මරනු ලැබිය යුතු ද?


ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”


සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්