විලාප ගී 3:26 - Sinhala New Revised Version 2018 සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය. Sinhala New Revised Version සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය. |
ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.
සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමාණෝ ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.
සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.
ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි.
තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.
මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.
සමිඳාණන් වහන්ස, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.
මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.
ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට, “ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න. එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.
පරීක්ෂාකාරී ව, සන්සුන් ව, නිර්භය ව, නොකැළඹී සිටින්න ඔහුට කියන්න. රෙශීන් සහ සිරියන්වරුන්ගේත්, රෙමලියාගේ පුත්‍රයාගේත් කෝපාග්නිය දුම් නඟින ගිනිපෙනෙලි දෙකක් වැනි ය. එහි භය වන්න කිසි දෙයක් නැත.
වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”
එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.
යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි.
මන්ද, මුලදී අප තුළ වූ විශ්වාසය, අග දක්වා අපි තරයේ පවත්වාගනිමු නම්, අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වම්හ.
එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.