මම ඔවුන්ට කතා කොට, ‘ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වූ අය ය; භාණ්ඩ ද කැප ය; මේ රන් රිදී ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔප්පු කරන ලද ස්වේච්ඡා පූජා ය.
ලෙවී කථාව 22:2 - Sinhala New Revised Version 2018 ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න: Sinhala New Revised Version ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න: Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන් විසින් මට කැපකරන ශුද්ධ දේවලින් වෙන්ව සිටින්ටත් මාගේ ශුද්ධ නාමය දූෂණයනොකරන්ටත් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කියන්න. මම ස්වාමීන්වහන්සේය. |
මම ඔවුන්ට කතා කොට, ‘ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වූ අය ය; භාණ්ඩ ද කැප ය; මේ රන් රිදී ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔප්පු කරන ලද ස්වේච්ඡා පූජා ය.
සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය.
එය ආරොන්ගේ නළල මත විය යුතු වේ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මට කැප කරන ශුද්ධ පඬුරුවල යම් අඩුපාඩුවක් තිබේ නම්, ඒවා ගැන ඔහු වග කියනු ඇත. පුද පඬුරු සමිඳාණන් වහන්සේ වන මට ප්‍රසන්න වන පිණිස, ආරොන් නිතර ම එය තම නළල මත පැළඳිය යුතු යි.”
යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න. නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.
නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.
“මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර ඇති මාගේ මණ්ඩපය ඔවුන් කෙලෙසා, ඔවුන්ගේ අපවිත්‍රකම් නිසා ඔවුන් නොමැරෙන පිණිස, නුඹ ඔවුන්ට මේ අපවිත්‍රකම් ගැන උපදෙස් දිය යුතු ය.
නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.
තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.
ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය.
නුඹලා මාගේ ශුද්ධ නාමයට අපහාස නොකළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනයා මා විශුද්ධ ලෙස සැලකිය යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
නුඹලා ඉස්තරම් ම කොටස සමිඳාණන් වහන්සේට පූජා කළහු නම්, එය වැළඳීමෙන් පාපයක් නොවනු ඇත. තවද, නුඹලා ඉශ්රායෙල් ජනයාගේ ශුද්ධ පඬුරු නොකෙලෙසිය යුතු ය. ඒවා කෙලෙසුවහොත් නසිනු ඇත.’ ”
“ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.