Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 22:2 - Sinhala Revised Old Version

2 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මට කැපකරන ශුද්ධ දේවලින් වෙන්ව සිටින්ටත් මාගේ ශුද්ධ නාමය දූෂණයනොකරන්ටත් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කියන්න. මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:2
16 හුවමාරු යොමු  

නුඹේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකරන්න. නුඹේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, නුඹේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න.


නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.


එසේ නුඹලා එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට නුඹලා නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක.


නුඹලා මාගේ ශුද්ධවූ නාමයට අපහාස නොකළ යුතුය; මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි විශුද්ධකරනු ලබන්නෙමි. මම


නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මම ස්වාමීන්වහන්සේය.


එය ආරොන්ගේ නළල පිට වන්නේය, මෙසේ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සියලු ශුද්ධ දීමනාවලදී කැපකරන ශුද්ධ දේවල අපරාධය දරන්නේය; ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් පිළිගනු ලබන පිණිස ඒක ඔහුගේ නළල පිට නිතරම වන්නේය.


ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියල්ලන්ද නුඹ සන්තක මෘගයන්ගෙන් සියලු කුලුඳුලන්ද ස්වාමීන්වහන්සේට වෙන්කරන්නෙහිය; පිරිමි ස්වාමීන්වහන්සේට වන්නෝය.


ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය.


ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.


එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


මම ඔවුන්ට කථාකොට: නුඹලා ස්වාමීන්වහන්සේට ශුද්ධ අයය; භාණ්ඩත් ශුද්ධය; මේ රන් රිදී නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කරනලද ස්වෙච්ඡා පූජාවක්ය.


පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; ස්වාමීන්වහන්සේගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න.


නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්