Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 20:3 - Sinhala New Revised Version 2018

3 එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 20:3
16 හුවමාරු යොමු  

නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.


“එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි.


‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”


එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.


“ ‘අපවිත්‍ර යමෙක් තමා ම පවිත්‍ර කර නොගනී නම්, එවැන්නෙක් ජනතාව වෙතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසූ බැවිනි. අපවිත්‍ර වීම පහකරන ජලය ඔහුට ඉස නැත. ඔහු අපවිත්‍ර ය.


“මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර ඇති මාගේ මණ්ඩපය ඔවුන් කෙලෙසා, ඔවුන්ගේ අපවිත්‍රකම් නිසා ඔවුන් නොමැරෙන පිණිස, නුඹ ඔවුන්ට මේ අපවිත්‍රකම් ගැන උපදෙස් දිය යුතු ය.


මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.”


දේශයේ ජනතාව එවැන්නෙකු තම දරුවා මොලෙක්ට බිලි දුන් පසුත් ඔහු නොමරා, යම් හෙයකින් එය නොසලකා හැරියොත්,


යමෙක් යමෙකුගේ මෘත ශරීරයක් ස්පර්ශ කොට තමා පවිත්‍ර කර නොගනී නම්, ඒ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ කූඩාරම කෙලෙසනු ඇත. එවැන්නෙකු ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදැමිය යුතු ය. පවිත්‍ර වීමේ ජලය ඔහුට නොඉස්ස බැවින්, ඔහු අපවිත්‍ර ය. අපවිත්‍රතාව ඔහුට තිබේ ය යි සැලකෙනු ඇත.


යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”


එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”


තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්