ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 17:2 - Sinhala New Revised Version 2018

“ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන්ට හා මුළු ඉශ්රායෙල් ජනයාට ද කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙය අණ කළ සේක කියා පවසන්නැ’යි මෙසේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන්ට හා මුළු ඉශ්රායෙල් ජනයාට ද කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙය අණ කළ සේක කියා පවසන්නැ’යි මෙසේ වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද මෙසේ කියන්න– ස්වාමීන්වහන්සේ අණකළ දේ නම් මේය:

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 17:2
4 හුවමාරු යොමු  

අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස් ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද ඉතා ශුද්ධ දේ කැප කරන පිණිසත්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, උන් වහන්සේට සේවය කරන පිණිසත්, සෑම කල්හි ම උන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසත්, හැම කලට ම වෙන් කරනු ලැබුවෝ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,


‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් ගොනෙකු හෝ බැටළු පැටවෙකු හෝ එළුවෙකු හෝ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි උන් වහන්සේට පූජා කිරීමට සම්මුඛ මණ්ඩපයේ දොරකඩට නොගෙන, කඳවුර ඇතුළත හෝ ඉන් පිටත හෝ ඌ මරන්නේ නම්, ඔහු තමා වැගුරූ ලේ ගැන වගකිව යුතු ය. ඔහු ලේ සිඳ හෙළූ බැවින් සිය සෙනඟ කෙරෙන් ඔහු නෙරපාදැමිය යුතු ය.


ඔබ කැමැති කැමැති තැන්වල දවන යාග පූජා නොපිදීමට වගබලාගන්න.