Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ලෙවී කථාව 17:3 - Sinhala New Revised Version 2018

3-4 ‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් ගොනෙකු හෝ බැටළු පැටවෙකු හෝ එළුවෙකු හෝ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි උන් වහන්සේට පූජා කිරීමට සම්මුඛ මණ්ඩපයේ දොරකඩට නොගෙන, කඳවුර ඇතුළත හෝ ඉන් පිටත හෝ ඌ මරන්නේ නම්, ඔහු තමා වැගුරූ ලේ ගැන වගකිව යුතු ය. ඔහු ලේ සිඳ හෙළූ බැවින් සිය සෙනඟ කෙරෙන් ඔහු නෙරපාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

Sinhala Revised Old Version

3 ඉශ්‍රායෙල් වංශයේ කොයි මනුෂ්‍යයෙක් නුමුත් ගවයෙක්වත් බැටළුපැටවෙක්වත් එළුවෙක්වත් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට පූජාවක්කොට ඔප්පුකරන්ට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනැවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

ලෙවී කථාව 17:3
11 හුවමාරු යොමු  

ඒ කාලය වන තුරු සමිඳාණන් වහන්සේගේ නාමයට කිසි මන්දිරයක් ගොඩනඟා නොතිබුණු බැවින් සෙනඟ ගිරිකුළුවල පූජා ඔප්පු කළෝ ය.

‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.

“ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන්ට හා මුළු ඉශ්රායෙල් ජනයාට ද කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙය අණ කළ සේක කියා පවසන්නැ’යි මෙසේ වදාළ සේක.

‘ඔබ ඔවුන්ට මෙසේ ද කියන්න, ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, දවන යාග පූජාවක් හෝ පඬුරක් හෝ සමිඳාණන් වහන්සේට පුදන්නේ නම්,

ඔහු පූජාව පිණිස ගත් සතාගේ හිස පිට තම අත තබා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ දී ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්